Day: October 21, 2021

ශ්‍රී ලංකාවේ පළමුවරට 06 නිවුන් දරු උපතක්

ශ්‍රී ලංකාවේ පළමු සය නිවුන් දරු උපත කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම වාර්තා වී තිබෙනවා. සිසේරියන් සැත්කමක් හරහා මෙම දරු උපත් සිදුව ඇත්තේ අද අලූයම 12.16 ත් 12.18 අතර කාලය තුළදීයි. 31 හැවිරිදි කාන්තාවකට දාව ගැහැණු දරුවන් 03 දෙනකු සහ පිරිමි දරුවන් 03 දෙනෙකු මෙලෙස උපත ලබා තිබෙනවා. බිළිඳුන් 06 දෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. මෙම බිළිඳුන්ගේ දෙමව්පියන් කොළඹ පදිංචිකරුවන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කලා.

Read More »

සියයට 70 අභිබවා යාම සම්බන්ධයෙන් වික්ටෝරියාවාසීන්ට අගමැති මොරිසන්ගෙන් සුභ පැතුම්

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 අභිබවා යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සුභ පැතුම් පළකරනවා. ලොක් ඩවුන් තත්වයෙන් ඉවත්වීමට එය වැදගත් වන බවයි අද පෙරවරුවේ රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ. අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ලොක්ඩවුන් සීමා ලිහිල් වන්නේ සියයට 70 ඉලක්කය සපුරා ගැනීමත් සමගයි. මේ අතර ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් ද වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට සුභ පැතුම් පිරිනමා තිබේ. ඒ ට්විටර් සටහනක් තබමිනි. https://twitter.com/DanielAndrewsMP/status/1450935563654103043?s=20   source : https://7news.com.au/sunrise/on-the-show/prime-minister-scott-morrison-confirms-victoria-has-passed-70-per-cent-double-dose-mark-c-4293679

Read More »

පාසල් ළමුන් සිටින සෑම NSW නිවසකටම $ 250 ක වවුචර් පත්

පාසල් යන වයසේ ළමුන් සිටින සෑම නිවසකටම ඩොලර් 250 ක් බැගින් වටිනා වවුචර් පත් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කරයි. ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කලේ ආර්ථික තත්වය නගා සිටුවිමේ ප්‍රාන්ත රජයේ ඩොලර් බිලියන 2.8 ක වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක බවයි. Dine and Discover වැඩසටහන යටතේයි මෙම වවුචර පත් ලබාදීම සිදුවන්නේ. ලබන වසර ආරම්භයේ සිටම මෙම වවුචරපත් භාවිත කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අවස්ථාව හිමිවනවා. මෙම වසරේදී පාසල් යන වයසේ ළමයෙකු සිටින ඔ්නෑම NSW

Read More »

Woolworths සහ Coles සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි

තම සියලුම සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට Woolworths සහ Coles පියවර ගෙන තිබේ. Woolworths හි සේවය කරන ඔස්ටේ්‍රලියානු ජාතික සේවකයන් 170,000 කට පමණ එය අදාළ වනු ඇති. මේ අනුව ACT – නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල පිහිටා ඇති සියලු Woolworths අලෙවි සැල්වල සේවකයන් ලබන ජනවාරි 31 වනදා වනවිටත් අනෙකුත් ප්‍රාන්ත මාර්තු 31 වනදා වනවිටත් එන්නත ලබාගත යුතු බව Woolworths දන්වා සිටී. වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – ACT සහ

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 374 ක් / මරණ 01 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (20) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 374 ක් වාර්තා වි තිබේ. දැනට 523 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 124 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 01 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 543 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 86,235 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1450944970785886210?s=20

Read More »