ශ්‍රී ලංකාවේ පළමුවරට 06 නිවුන් දරු උපතක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ පළමුවරට 06 නිවුන් දරු උපතක්

ශ්‍රී ලංකාවේ පළමුවරට 06 නිවුන් දරු උපතක්

ශ්‍රී ලංකාවේ පළමු සය නිවුන් දරු උපත කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම වාර්තා වී තිබෙනවා.

සිසේරියන් සැත්කමක් හරහා මෙම දරු උපත් සිදුව ඇත්තේ අද අලූයම 12.16 ත් 12.18 අතර කාලය තුළදීයි.

31 හැවිරිදි කාන්තාවකට දාව ගැහැණු දරුවන් 03 දෙනකු සහ පිරිමි දරුවන් 03 දෙනෙකු මෙලෙස උපත ලබා තිබෙනවා.

බිළිඳුන් 06 දෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.

මෙම බිළිඳුන්ගේ දෙමව්පියන් කොළඹ පදිංචිකරුවන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කලා.