Search

පාසල් ළමුන් සිටින සෑම NSW නිවසකටම $ 250 ක වවුචර් පත්

පාසල් යන වයසේ ළමුන් සිටින සෑම නිවසකටම ඩොලර් 250 ක් බැගින් වටිනා වවුචර් පත් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කරයි.

ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කලේ ආර්ථික තත්වය නගා සිටුවිමේ ප්‍රාන්ත රජයේ ඩොලර් බිලියන 2.8 ක වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක බවයි.

Dine and Discover වැඩසටහන යටතේයි මෙම වවුචර පත් ලබාදීම සිදුවන්නේ.

ලබන වසර ආරම්භයේ සිටම මෙම වවුචරපත් භාවිත කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අවස්ථාව හිමිවනවා.

මෙම වසරේදී පාසල් යන වයසේ ළමයෙකු සිටින ඔ්නෑම NSW පවුලකට මෙම වවුචරය හිමිවන බවද Dominic Perrottet පැවසුවේය.

 

SOURCE : https://7news.com.au/lifestyle/personal-finance/250-thank-you-payment-for-nsw-households-with-school-aged-children-c-4295484