ෆේස්බුක් සහ ට්විටර් ජාලයන්ට අභියෝග කිරීමට ට්‍රම්ප්ගෙන් “TRUTH Social”

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව පවසයි.

එය “TRUTH Social” ලෙස නම්කර තිබේ.

ඔහු පවසන්නේ සුවිසල් තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවය.

බොහෝ සමාජ මාධ්‍ය ජාල අමෙරිකාවේ විරුද්ධ මත යටපත් කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් පැවසීය.

කැපිටෝල් ගොඩනැගිල්ල පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් බලෙන් ඇතුළුවීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් ක්‍රියා කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් පැවසුවේ ඔවුන් ද සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කරන බවය.

 

source : https://www.bbc.com/news/world-us-canada-58990330

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »