වික්ටෝරියා සිට ක්වීන්ස්ලන්ඩ් ගිය Uber රියදුරෙකුට කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා සිට ක්වීන්ස්ලන්ඩ් ගිය Uber රියදුරෙකුට කොවිඩ්

වික්ටෝරියා සිට ක්වීන්ස්ලන්ඩ් ගිය Uber රියදුරෙකුට කොවිඩ්

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයකු වාර්තා වී ඇති අතර එම පුද්ගලයා මෙම මස මුලදී වික්ටෝරියා ප්‍රාන්තයට ගිය Uber රථ රියදුරකු වේ.

මෙම පුද්ගලයාගෙන් නිසි තොරතුරු ලබාගැනීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Jeanette Young පවසයි.

මේ අතර දෙසැම්බර් මස 17 වැනිදාට පෙර ‘Super Saturday’ නමින් විශාල එන්නත්කරන වැඩසටහනක් පාසල් 100ක් තුල ආරම්භ කිරීමටද නියමිතව තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා ACT ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 28 ක් හමුවී තිබේ.

එමෙන්ම මේ වනවිට ACT තුල සක්‍රීය කොවිඩ් ආසාදිතයින් 425 දෙනෙකු සිටී.