VIC / NSW සහ නවසීලන්තය අතර නිරෝධායනයකින් තොර ගුවන් ගමන් අගහරුවාදා සිට

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනයකින් තොර (Quarantine-free) ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත එකග වී ඇත්තේ නවසීලන්තයේ දකුණු දිවයින සමග ලබන අගහරුවාදා සිට යළිත් ගුවන් ගමන් ආරම්භ කිරීමටයි.

පසුගිය වසරේදී වාර්තාවීමෙන් පසු මේ දක්වා නවසීලන්තයේ දකුණු දිවයිනෙන් මේ දක්වා කිසිදු කොවිඩ් ආසාධිතයකු වාර්තා වී නොමැත.

එමෙන්ම උතුරු දිවයිනේ සිට දකුණු දිවයිනට පුද්ගලයන් පැමිණීම වළක්වාලීමට පියවර රැසක් ගෙන ඇති බැවින් අවධානමක් ද නොමැති බවයි ඔස්ටේ්‍රලියා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Paul Kelly සඳහන් කලේ.

මේ අනුව දැනට නවසීලන්තයේ දකුණු දිවයිනේ සිටින ඔස්ටේ්‍රලියා – නවසීලන්ත ජාතිකයන් පමණක් නොව ඕනෑම පුරවැසියෙකුට නිරෝධායනය වීමකින් තොරව නිවු සවුත් වේල්ස් හෝ වික්ටෝරියා ප්‍රාන්ත වෙත පැමිණීමට අවසර ලැඛෙනු ඇත.

නවසීලන්තය හා ඔස්ටේ්‍රලියාව අතර නිරෝධායනයෙන් තොර ගුවන් සංචාරක බුබුළක් මෙම වසර මුලදී ආරම්භ කෙරුණද එය නවතා දැමීමට සිදුවූයේ රටවල් දෙකෙන්ම කොවිඩ් ආසාධිතයන් වාර්තාවීමත් සමගයි.

මේ අතර සිංගප්පූරුව සමග ගුවන් සංචාරක බුබුළක්ද හැකි ඉක්මණින් ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »