වසරේ මුල් මාස 08 තුළදී NSW පොලිසියෙන් ලොක්ඩවුන් නීති කඩ කිරීමට දඩ 34,000 ක්

bondi sydney beach

මෙම වසරේ මුල් මාස 08 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් ලොක්ඩවුන් නීති කඩ කිරීමට අදාළව දඩ 34,000 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර තිබේ.

NSW පොලිසිය විසින් පාර්ලිමේන්තු කමිටුවක් වෙත ඉදිරිපත් කල වාර්තාවක දැක්වෙන්නේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා කාලය තුළ දඩ නිවේදන 34,649 ක් නිකුත් කර තිබූ බවයි.

මින් බහුතරයක් අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා නිවාසවලින් පිටතට යාම් වනවා.

එමෙන්ම වැරදියට නිකුත් කර තිබූ දඩ නිවේදන 22 ක් ආපසු කැඳවා ඇතැයිද නිවු සවුත් වේල්ස් පොලිසිය කියාසිටියා.

මෙම දඩ නිකුත් කල පිරිස අතරට ඩොලර් 3000 ක දඩයක් නියම වු 15 හැවිරිදි තරුණයෙකුද වනවා.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/redfern-legal-centre-police-powers-solicitor-bombarded-by-calls-from-people-whove-been-wrongly-fined-under-covid-19-public-health-orders-c-4249734

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »