සැප්තැම්බර්යේ විරැකියාව ඉහළට – වැඩිම පිරිස වික්ටෝරියාවෙන්

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී සියයට 0.1 කින් ඉහළ ගොස් සියයට 4.6 දක්වා පත්වී තිබේ.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව සැප්තැම්බර් මාසයේදී වික්ටෝරියා හි පුද්ගලයන් 123,000 කට රැකියා අහිමිවී ඇත.

නිවු සවුත් වේල්ස් හි පුද්ගලයන් 25,000 ක් පමණ පසුගිය මාසයේදී රැකියා විරහිත තත්වයට පත්වී ඇත.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – ACT ඇතුලු ප්‍රාන්ත කිහිපයක ලොක්ඩවුන් තත්වය දීර්ඝ කිරීමයි මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

පසුගිය මාසයේදී 281,000 කට පමණ රැකියා අහිමිවී ඇති අතර නව රැකියා ලැබී ඇත්තේ 53,000 කට පමණි.

source : https://www.9news.com.au/national/australia-unemployment-rate-september-2021-rises-as-covid19-lockdowns-extend/e5dcdf62-ac31-4518-a008-f6adbacd495b

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »