NSW ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම සංශෝධනයට

හෙට පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැබිනට් රැස්වීමේදී ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුමේ සංශෝධන කිරීමට ප්‍රාන්ත අගමැති Dominic Perrottet සැරසේ.

මේ ඉරිදා වන විට ප්‍රාන්තයේ ජනගහනයෙන් 80% ක පූර්ණ එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට NSW ප්‍රාන්තය අපේක්ෂා කෙරේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 75.2% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති අතර 90% ක් එක් මාත්‍රාවක් ලබාගෙන තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොවිඩ් ආසාදිතයින් 444 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 04 ක්ද වාර්තා වේ.

බෙන්ඩිගෝහි ජය ශ්‍රී මහා බෝධි අංකුර රෝපණයට අගමැතිගෙනුත් සුබපැතුම්

අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් බෙන්ඩිගෝ නගරයේ බෝධි ධම්ම විහාර පරිශ්‍රයේ රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

Read More »

මෙල්බන් නිවසකට පැමිණි පොලිසිය පුරවැසියෙක් නොවන සැකකරු ඇල්ලූ හැටි

මෙල්බර්න්හි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් සුඛෝපභෝගී වාහන සහ ඩොලර් 80,000ක මුදලක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »