ගුවන් ගමන්වල නිරතවන කාන්තාවන්ට සුවිශේෂී අවස්ථාවක්

ගුවන් ගමන්වල නිරතවන කාන්තාවන්ට විශේෂ පහසුකමක් පිරිනැමීමට ඉන්දියාවේ ප්‍රධාන ගුවන් සේවයක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කාන්තා මගීන්ට ආසන වෙන් කරවා ගැනීමේදී වෙනත් කාන්තාවක් හෝ කාන්තාවන් කණ්ඩායමක් සිටින ස්ථානයකින් අසුන් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

ජාත්‍යන්තරව වාර්තා වන කාන්තා හිංසන මෙන්ම කාන්තාවන්ට ගුවන් ගමන්වලදී සිදුවන හිංසන ඇතුලු ක්‍රියාවන් මැඩපවත්වා ඔවුන්ට පහසු ගුවන් ගමනක් ලබාදීම මෙහි අරමුණ බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කළේ.

ඉන්දියාවේ විශාලතම ගුවන් සමාගමක් වන IndiGo එයාර්ලයින්ස් නියමු ව්‍යාපෘතියක් ලෙසට නව විශේෂාංගය ආරම්භ කර ඇති අතර මෙමගින් කාන්තා සංචාරකයින්ට ආසන තෝරාගැනීමේදී අනෙක් කාන්තාවන් සිටින්නේ කොතැනද යන්න බැලීමට අවස්ථාව හිමි වනවා.

2006 වසරේ ආරම්භ කරන ලද මෙම ගුවන් සේවය ඉන්දියාවේ දිනකට දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 2000 කට වඩා ක්‍රියාත්මක කරනු ලබනවා.

ඔවුන් නිවේදනය කළේ කාන්තා මගීන් සඳහා සංචාරක අත්දැකීම වඩාත් සුවපහසු කිරීම අරමුණු කරගත් නව විශේෂාංගය හඳුන්වාදීම පිළිබඳ ආඩම්බර වන බවයි.

වෙනත් කාන්තාවන් අසුන්ගෙන සිටින්නේ කොතැනකදැයි බැලීමට අනෙක් මගී කාන්තාවන්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති අතර ගුවන් ගමන්වලදී කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි පහරදීම් වැනි සිදුවීම් හේතුවෙන් එම පියවරට එළඹෙන්නට ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් කෙරුණු වාර්තාවකට අනුව 2023 වසර තුළ පමණක් ගුවන් යානා තුළ ලිංගික අතවර සිදුවීම් 96ක් වාර්තා වී ඇති බව සඳහන්.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »