Search

මෙල්බන් නිවසකට පැමිණි පොලිසිය පුරවැසියෙක් නොවන සැකකරු ඇල්ලූ හැටි

මෙල්බර්න්හි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් සුඛෝපභෝගී වාහන සහ ඩොලර් 80,000ක මුදලක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බ්‍රහස්පතින්දා අලුයම බ්‍රයිටන්හි සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කළ පොලිසිය මෙරට පුරවැසියෙකු නොවන බව කියන 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ අනන්‍යතාවක් සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් කරුණු අනාවරණ කර නැහැ.

අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ අපරාධවලින් ලැබෙන බවට සැක කෙරෙන මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා.

සැකකරු ලබන අගෝස්තු 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව සඳහන්.

මෙම පුද්ගලයාගේ නිවසේ තිබී අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය, ඩොලර් 80,000 කට ආසන්න මුදලක්, නවීන යතුරුපැදි දෙකක් මෙන්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම වටිනා අත් ඔරලෝසු තුනක් සහ ඩොලර් 20,000 ක් පමණ වටිනා නව DJ කට්ටලයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම ඩොලර් 100,000කට ආසන්න බව සඳහන්.

සැකකරු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ද යන්න සොයා වික්ටෝරියා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »