Search

බෙන්ඩිගෝහි ජය ශ්‍රී මහා බෝධි අංකුර රෝපණයට අගමැතිගෙනුත් සුබපැතුම්

අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් බෙන්ඩිගෝ නගරයේ බෝධි ධම්ම විහාර පරිශ්‍රයේ රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

ලබන 9 වනදා දහවල් 12.30ට යෙදෙන සුබ මොහොතින් සියලු බෞද්ධ ආගමික වතාවත් සහ පුද සත්කාර සමගින් ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීමට නියමිතයි.

ඒ අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී ලංකා රජයෙන් ඔස්ට්‍රේලියා රජය වෙත ඉතිහාසයේ පළමු වරටයි මෙවැනි පරිත්‍යාගයක් සිදු කරනු ලබන්නේ.

මේවන විට ඔස්ට්‍රේලියාවට වැඩම කරවා ඇති ජය ශ්‍රී මහා බෝධි අංකුර ශාඛාව ඔස්ට්‍රේලියානු රජයේ ජෛව ආරක්ෂණ අධිකාරියේ උද්භිත විද්‍යාඥ කණ්ඩායමක රැකවරණය යටතේ සුරක්ෂිතව වැඩ සිටිනවා.

මෙම බෝධි රෝපණ මංගල්‍යය ඔස්ට්‍රේලියා රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව සිදු කෙරෙන මහා පුණ්‍යකර්මයක් වන අතර එම උතුම් පුණ්‍යකර්මයට බැතිබර මාධ්‍ය දායකත්වය සපයනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.

මෙම උතුම් පුණ්‍යකර්මය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් ද විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ මෙම පූජනීය බෝධි වෘක්ෂය ඔස්ට්‍රේලියාවේ බෞද්ධ ප්‍රජාවට සහ සියලුම ඔස්ට්‍රේලියානුවන්ට දායාදයක් බවයි.

ඉදිරි වසර ගණනාවක කාලයක් තුල එය බුදු දහමේ විශිෂ්ටත්වය පිළිබඳ ජීවමාන සාක්ෂියක් වනු ඇති බව ඇන්තනි ඇල්බනිස් ප්‍රකාශ කළා.

මෙරට බෞද්ධ ප්‍රජාව, බහු සංස්කෘතියක් ඇති ඔස්ට්‍රේලියාවේ ශක්තිය සහ එකමුතුකම සඳහා මහඟු දායකත්වයක් සපයන අතර එම ශක්තිය සහ ශුභවාදී බව ඔස්ට්‍රේලියාව සැමට වඩා හොඳ තැනක් කරන බව අගමැතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

ජය ශ්‍රී මහා බෝධී අංකුර ශාඛාව ඔස්ට්‍රේලියානු පසෙහි වැඩෙන විට ගෞරවය සහ කරුණාව වැනි බෞද්ධ සාරධර්ම තවදුරටත් ප්‍රජාව තුළ වර්ධනය වේවා යන්න ප්‍රර්ථනා කරන බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ බුදු දහම හදාරන පිරිස් ගැන නවතම වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය අනුව ඔවුන් අදහන ආගම් පිළිබඳ නවතම වාර්තාවක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »