සිඩ්නිහි ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ 5ක් රෝහලට

සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ 5 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු සුන්බුන් අතර සිරවී සිටි දෙදෙනෙකු ද බේරා ගත් බවයි සහන කණ්ඩායම් ප්‍රකාශ කළේ.

අද දහවල් 12.50 ට පමණ පිපිරීමක් පිළිබඳ වාර්තා වීමෙන් පසු හදිසි සේවා නිලධාරීන් Whalan ප්‍රදේශයේ Waikanda Crescent හි මෙම නිවසකට පැමිණ තිබුණා.

ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිටි කාන්තාවන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර තවත් පිරිස් සිරවී ඇත්ද යන්න සොයා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

60 හැවිරිදි කාන්තාවක් සහ රෝද පුටුවක සිටි 70 හැවිරිදි කාන්තාවක් මෙලෙස බේරා ගැනුණු අතර ඔවුන් දෙදෙනාට ගිලන් රථ වෛද්‍යවරුන් මූලික ප්‍රතිකාර ලබාදී රෝහල් ගත කර තිබෙනවා.

පුද්ගලයින් තිදෙනෙකු Mt Druitt රෝහලට සහ පුද්ගලයින් දෙදෙනෙකු Hawkesbury රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ තත්වය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

පිපිරීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගෑස් කාන්දුවක් හෝ විදුලි කාන්දුවක් ඊට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

එම ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එම ප්‍රදේශයේ මාර්ග ද අවහිර කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »