Day: October 13, 2021

NSW ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම සංශෝධනයට

හෙට පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැබිනට් රැස්වීමේදී ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුමේ සංශෝධන කිරීමට ප්‍රාන්ත අගමැති Dominic Perrottet සැරසේ. මේ ඉරිදා වන විට ප්‍රාන්තයේ ජනගහනයෙන් 80% ක පූර්ණ එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට NSW ප්‍රාන්තය අපේක්ෂා කෙරේ. මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 75.2% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති අතර 90% ක් එක් මාත්‍රාවක් ලබාගෙන තිබේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත්

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් 03 වන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා. ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත පුද්ගලයන්ට පළමුවෙන් එය ලබාදීම සිදුකරන බවයි. ඉදිරි සති කිහිපයේදී මහා පරිමාණයෙන් 03 වන මාත්‍රාව ලබාදීම සිදුකිරීමට නියමිත බවද වික්ටෝරියා සෞඛ්‍ය අංශ කියාසිටියා. මෙලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසකද මේ වනවිට 03 මාත්‍රාව ලබාදීම සිදුකෙරේ. බොහෝ රටවල අවුරුදු 60 ට වැඩි වවිධ රෝගාබාධවලින් පෙළෙන ජනතාවටයි බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇත්තේ. source : https://www.9news.com.au/national/coronavirus-victoria-booster-shots-being-given-to-people-with-weakened-immune-systems-ahead-of-broader-booster-shot-rollout/b9db0c8d-5d46-4042-81f2-fd4acb545cdc

Read More »

2021 LPL තරග කාලසටහන ප්‍රකාශයට

ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. දෙසැම්බර් 05 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පළමු තරගය පැවැත්වෙන්නේ ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතරයි. රාත්‍රී 07 යි 30 ට එය ආරම්භ වනවා. පළමු වටයට තරග 20 ක් ඇතුළත් වන අතර ඒවා සියල්ල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි පැවැත්වෙන්නේ. අවසාන මහා තරගය මෙන්ම අවසන් පූර්ව වටයේ තරග සියල්ල පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේදීයි. අවසාන මහා තරගය පැවැත්වෙන දිනය ලෙස දෙසැම්බර් 23 වනදා නම් කර ඇති අතර අතිරේක

Read More »

එන්නත ගෙන නැති Northern Territory සේවකයන්ට $ 5000 ක දඩයක්

Northern Territory හි ක්ෂේත්‍ර රැසක සේවක සේවිකාවන් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති නම් දඩ පැණවීමට හෝ සේවා ස්ථානයට පැමිණීම වළක්වාලීමට නව නියමයක් පණවා තිබේ. ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී Hugh Heggie පැවසුවේ නොවැම්බර් 12 වනදා වනවිට අවම වශයෙන් ඔවුන් පළමු මාත්‍රාව හෝ ගෙන තිබිය යුතු බවයි. දෙසැම්බර් 24 වනදා වනවිට 02 වන මාත්‍රාවද ඔවුන් විසින් ලබාගෙන තිබිය යුතු බව ප්‍රධාන අමාත්‍ය Michael Gunner සඳහන් කලා. එසේ නොවුණහොත් රැකියා ස්ථානයට ඇතුලුවීමට ඉඩ නොදීමට හෝ ඩොලර් 5000 ක දඩයක් පැණවෙනු ඇති බවයි

Read More »

AUDIO : නීති විරෝධීව විදේශයකට පළා යෑමේ බලාපොරොත්තුවෙන් සිටි 65 දෙනකු අත්අඩංගුවට

නීති විරෝධීව මුහුදු මගින් විදේශයකට පළා යාම සඳහා මුහුදු මගින් යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි 65 දෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි. මෙම පිරිස යාපනය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන් බවද පොලිසිය කියයි. මොවුන් කුමන රටකට පලා යාම සඳහා සිටියේ දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත. රාජ්‍ය බුද්ධි අංශයේ ත්‍රිකුණාමලය කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වටලා එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව

Read More »