එන්නත ගෙන නැති Northern Territory සේවකයන්ට $ 5000 ක දඩයක්

Northern Territory හි ක්ෂේත්‍ර රැසක සේවක සේවිකාවන් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති නම් දඩ පැණවීමට හෝ සේවා ස්ථානයට පැමිණීම වළක්වාලීමට නව නියමයක් පණවා තිබේ.

ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී Hugh Heggie පැවසුවේ නොවැම්බර් 12 වනදා වනවිට අවම වශයෙන් ඔවුන් පළමු මාත්‍රාව හෝ ගෙන තිබිය යුතු බවයි.

දෙසැම්බර් 24 වනදා වනවිට 02 වන මාත්‍රාවද ඔවුන් විසින් ලබාගෙන තිබිය යුතු බව ප්‍රධාන අමාත්‍ය Michael Gunner සඳහන් කලා.

එසේ නොවුණහොත් රැකියා ස්ථානයට ඇතුලුවීමට ඉඩ නොදීමට හෝ ඩොලර් 5000 ක දඩයක් පැණවෙනු ඇති බවයි ඔහු කියාසිටියේ.

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 51 ක් වාර්තා වේ.

මේ වන විට ACT හි කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 8 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ සිටී.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »