
හෙට පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැබිනට් රැස්වීමේදී ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුමේ සංශෝධන කිරීමට ප්‍රාන්ත අගමැති Dominic Perrottet සැරසේ.
මේ ඉරිදා වන විට ප්‍රාන්තයේ ජනගහනයෙන් 80% ක පූර්ණ එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට NSW ප්‍රාන්තය අපේක්ෂා කෙරේ.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 75.2% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති අතර 90% ක් එක් මාත්‍රාවක් ලබාගෙන තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොවිඩ් ආසාදිතයින් 444 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 04 ක්ද වාර්තා වේ.
