පර්ත් ගුවන් තොටුපළට එන අයට විශේෂ උපදෙසක්

පර්ත් ගුවන් තොටුපළේ ගුවන් ඉන්ධන පිරවීමේ ගැටලුව හේතුවෙන් මේ වන විට ගුවන් ගමන් 60ක පමණ අවලංගු වී තිබෙනවා.

ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් 59ක් මේ වන විට අවලංගු කර ඇති අතර මේ හේතුවෙන් මගීන් දහස් ගණනක ගැටලු මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පිරවීමේ ගැටළුව පිටතට යන සහ පැමිණෙන ගුවන් ගමන්වලට බලපාන බව පර්ත් ගුවන්තොටුපල ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ගැටලුව විසඳීමට විශේෂඥයින් තවමත් කටයුතු කරමින් සිටින බැවින් ගුවන් ගමන් ප්‍රමාදය කොපමණ කාලයක් පවතිනු ඇති ද යන්න මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.

පර්ත් ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්ධන පිරවුම් පද්ධතියේ පීඩනය අඩු වීම මෙම ගැටලුවට මූලික වී ඇති අතර හැකි ඉක්මනින් ගැටලුව විසඳීමට විශේෂඥයන් හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

මෙම තත්වය මත ප්‍රධාන ගැටලුව වී ඇත්තේ පර්ත් ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානාවලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමයි.

මෙම බාධා වීම සම්බන්ධයෙන් සමාව අයදින අතර ගුවන් ගමන් පිළිබඳ තොරතුරු සඳහා තමන්ට නියමිත ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙස මගීන්ට දැනුම් දී තිබෙනවා.

මීට පෙර පර්ත් ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු පැවසුවේ ආපසු ගුවන් ගමනක් යාමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් නැවත දැනුම් දෙන තුරු පර්ත් ගුවන්තොටුපළට ගුවන් යානා නොයවන ලෙස සමාගම්වලට උපදෙස් දී ඇති බවයි.

නව පර්යන්තයක් සහ ධාවන පථයක් සමඟ ගුවන් තොටුපළ වැඩිදියුණු කිරීම සඳහා පර්ත් ගුවන්තොටුපළ Qantas සමඟ ඩොලර් බිලියන 5ක ගිවිසුමකට එළඹීමේ සිදුවීමෙන් පසු මෙය වාර්තා වී තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »