Casey – Dandenong කොවිඩ් ආසාධිතයන් ඉහළට / ලාංකික වෛද්‍යවරයෙකු හේතුව පහදයි

මෙල්බර්න් හි Casey ඇතුලු ගිණිකොන දිග suburbs කිහිපයක් මේ වනවිට කොවිඩ් අධි අවධානම් කලාප බවට පත්වෙමින් පවතී.

Casey නගරයේ දැනට සක්‍රීය ආසාධිතයන් 1387 ක් සිටින අතර එය වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් සැළකීමේදී 03 වන ස්ථානයට වැඩිම සංඛ්‍යාවයි.

Hume හි ආසාධිතයන් 3244 ක් සහ Whittlesea හි ආසාධිතයන් 1751 ක් වාර්තා වී ඇත.

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවඩ් ආසාධිතයන් අතුරින් 174 දෙනෙකු Casey ප්‍රදේශයෙන් හමුවී ඇති බවද සඳහන්.

එය ඊයේ ආසාධිතයන්ගෙන් එක් නගරයකින් හමුවූ වැඩිම ආසාධිතයන් ගණනද වනවා.

විශේෂයෙන් මෙල්බර්න් නගරයට පැමිණෙන සංක්‍රමණිකයන් අතුරින් Casey ආසන්න ප්‍රදේශවල පදිංචිවන ජනගහණයේ ඉහළයාමක් දක්නට ලැබේ.

එමෙන්ම Dandenong හි කොවිඩ් ආසාධිතයන් ගණන ද කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ඇත.

දැනට එහි සක්‍රීය ආසාධිතයන් 700 කට වැඩි පිරිසක් සිටින අතර ඊයේ දිනයේදී නව ආසාධිතයන් 109 ක් වාර්තා වී තිබේ.

මේ අතර ප්‍රදේශයේ සිටින වෛද්‍යවරයෙකු වන රවී විජේසේකර පවසන්නේ එන්නත ලබාගැනීමට ඇතැමුන් දක්වන අකමැත්ත මීට ප්‍රධාන හේතුව බවයි.

බොහෝ පුද්ගලයන් අසත්‍ය තොරතුරු විශ්වාස කරමින් සිටීම ඊට හේතුව බවටද ඔහු චෝදනා කර සිටී.

source : https://www.abc.net.au/news/2021-10-12/south-east-melbourne-battling-delta-vaccination-case-numbers/100530820

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »