ඔස්ටේ්‍රලියාවේ Lockdown එපා කියා අමරිකාවේ විරෝධතා – සමාජ ජාල තුළ දැඩි උපහාසයක්

ඔස්ටේ‍රලියාව තුළ ක්‍රියාත්මක Lockdown කිරීම් සහ අනිවාර්ය එන්නත්කිරීම් වහා නවතා දමන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ විරෝධතා මාලාවක් පවත්වා තිබෙනවා.

‘Save Australia’ යන තේමා පාඨය යටතේයි මෙම උද්ඝෝෂණ සංවිධාන කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම විරෝධතා සඳහා ඔස්ටේ්‍රලියානු රජයෙන් මෙන්ම සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් උපහාසාත්මක අදහස් පළවී තිබුණා.

කොවිඩ් ආසාධිතයන් 500 කින් අයෙකු මරණයට පත්වන අමෙරිකාව, ආසාධිතයන් 20,000 කින් අයෙකු වාර්තා වන ඔස්ටේ‍රලියාව රැක ගන්නේ කෙසේදැයි යන්න එහිදී විමසීමට ලක්වූ ප්‍රධාන තර්කයක්.

කොවිඩ් වසංගතයේ දරුණුතම තත්වය පැවතියේ අමෙරිකාවේ බවත් මහමග පවා මළසිරුරු ගොඩගසා තිබූ ආකාරයත් සමාජ ජාල ක්‍රියාකාරීන් පෙන්වා දී තිබුණා.

https://twitter.com/Vic_Rollison/status/1445207073038356480?s=20

කෙසේවෙතත් ඇතැම් පාර්ශව මෙම උද්ඝෝෂණ සඳහා සහය දක්වා තිබුණේ එමගින් අගමැති ස්කොට් මොරිසන්ගේ රජයේ අසමත්වීම පෙන්නුම් කෙරෙන බව දක්වමින්.

https://twitter.com/ellymelly/status/1445276019510820866?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1445276019510820866%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Ftravel%2Fcoronavirus%2Fperplexed-aussies-respond-as-us-protesters-take-to-the-streets-of-new-york-in-bid-to-save-australia-c-4161349

 

PIC Credit: Michael M. Santiago/Getty Images

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »