ඔක්තෝබර් 11 දා සිට NSW නිරෝධායන නීති ලිහිල් කෙරේ

ඔක්තෝබර් 11 වනදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලිහිල් වන නිරෝධායන නීති අද ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ අනුව ආසාධිතයන්ගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා එන්නත්කරණයට ලක්ව ඇති පුද්ගලයන්ගේ හුදකලා කාලසීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කෙරේ.

06 වන දිනයේදී ඔවුන් පී සී ආර් පරීක්ෂණයකට භාජනය කෙරෙන අතර එහිදී සෘණාත්මක යැයි ඔප්පු වුවහොත් හුදකලා භාවයෙන් ඊලග දිනයේදී නිදහස් කෙරේ.

කෙසේවෙතත් ඉදිරි දින 07 ඔවුන් හැකිතාක් නිවසේ සිට රාජකාරි කටයුතු සිදුකල යුතුයි.

එන්නත්කරණයට ලක්ව නොමැති නම් දින 14 ක් හුදකලාව සිටිය යුතු අතර 12 වන දිනයේදී පී සී ආර් පරීක්ෂණයකට භාජනය කෙරේ.

එමෙන්ම ඔක්තෝබර් 11 වනදා සිට hospitality, entertainment, non-critical retail stores, personal services, sporting and recreation අංශවල ඇතැම් ස්ථානවලට ඇතුලුවිය හැකි වනුයේ එන්නත් මාත්‍රා 02 ම ගත් අයට පමණි.

QR Code ක්‍රමය එහිදී දැඩිව අනුගමනය කිරීමට නියමිතයි.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/new-covid-isolation-rules-for-nsw-residents-as-state-prepares-to-reopen-c-4135662

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »