ප්‍රභාකරන් වීරයකු කළ චිත්‍රපටයක් කාම්බෝජය තහනම් කරයි

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් නිර්මාණය කළ ‘‘මෙතාගු” ද්‍රවිඩ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීම එරට රජය තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා රජය කාම්බෝජ විදේශ අමාත්‍යාංශය හරහා එරට රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇතැයි කාම්බෝජයේ තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

ඒ අනුව හිටපු කොටි නායකයා උත්කර්ශයට නංවන කතා තේමාවක් අඩංගු ‘‘මෙතාගු” දෙමළ චිත්‍රපටය සියළුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස කාම්බෝජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, නිත්‍ය රාජ්‍ය ලේකම්වරයා හරහා, රූපවාහිනී නාලිකා ප්‍රධානීන්ට ලිපියකින් දැනුම් දී ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

කොටි හිතවාදි දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන කිට්ටු ගේ අධ්‍යක්ෂණයක් වන ‘මෙතාගු‘ යන්නෙහි සිංහල තේරුම ‘අතිගරු‘ යන්නයි. මෙය දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර දෙමළ ඊළාම් චිත්‍රපට සමාජය  එළිදක්වා ඇත.

 

source : https://www.phnompenhpost.com/national/govt-bans-broadcast-tamil-tigers-movie

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »