AFL අවසාන මහා තරගය නරඹන්නන්ට විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ලවනු ඇතැයි අනතුරු ඇගවීමක්

අඛණ්ඩව 06 වන දිනයටත් අදත් මෙල්බර්න් හි උද්ඝෝෂණ පවත්වන බවට විරෝධතාකරුවන් අනතුරු අගවා තිබේ.

ඊයේ දිනයේදී 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඩොලර් මිලියනයකට වැඩි දඩ නියම තර තිබිණ.

අද දිනයේදී දහවල් 12 ට පමණ විරෝධතා ආරම්භ වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර අද රාත්‍රී පැවැත්වෙන AFL අවසාන මහා තරගය නැරඹීමට මෙල්බර්න් වෙත යාමට අපේක්ෂා කරන ජනතාවට විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ලවනු ඇතැයිද අනතුරු ඇගවීමක් සිදුකෙරේ.

ඊයේ දිනයේත් Blackburn Park හි සිටි සාමාන්‍ය ජනතාවට උද්ඝෝෂකයන්ගෙන් බාධා එල්ලවී තිබිණ.

ඇතැමුන්ගේ මුව ආවරණ බලහත්කාරයෙන් ඉවත් කිරීම් සහ මුහුණට කෙළ ගැසීමේ උත්සාහයන් පිළිබඳවද වාර්තා විය.

SOURCE : https://www.9news.com.au/national/protesters-hit-melbourne-streets-on-sixth-day-of-anti-vaccination-rallies/51b73fcf-ac68-4288-8baa-e4be590aadc7

PIC – THE AUSTRALIAN

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »