ලොව විශාලතම මෝරුන් කළමණාකරණ වැඩපිළිවෙල NSW වෙරළ තීරවල

ලොව විශාලතම මෝරුන් කළමණාකරණ වැඩපිළිවෙල නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුහුදු තීරවල ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මිනී මෝරුන් හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට නියමිතව ඇත.

එළඹෙන ග්‍රීෂ්ම සෘතුව (Summer) ට පෙර මෙය ආරම්භ කෙරෙන බවයි නිවු සවුත් වේල්ස් නියෝජ්‍ය අගමැති John Barilaro සඳහන් කලේ.

Tweed සිට Bega Valley දක්වා මුල් අධියරේදී ඩ්‍රෝන කැමරා යෙදවීමට නියමිතය.

ග්‍රීෂ්ම සෘතුවේදී අති විශාල පිරිසක් නිවු සවුත් වේල්ස් වෙරළ තීරයන්ට පැමිණීමත් සමග මෝරුන්ගේ ප්‍රහාරවලට ගොදුරුවීම සුළභ කරුණකි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙවර සිය අයවැයෙන් ඩොලර් මිලියන 21 ක් වෙන් කර ඇත්තේ වෙරළ තීරයන්ගේ මෝරුන් කළමණාකරණය සඳහායි.

අලුතින් මිළදී ගැනීමට නියමිත ඩ්‍රෝන යානාවල වටිනාකම ඩොලර් මිලියන 3 කි.

 

Source : https://www.9news.com.au/national/worlds-largest-shark-management-program-deployed-to-nsw-beaches/7b7dfc76-5711-486b-bbb7-bdcf9f310cc6

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »