නත්තල් සාප්පු සවාරි දැන්ම ආරම්භ කරන ලෙස ඔස්ටේ‍රලියා පාරිභෝගිකයන්ට දැනුම් දීමක්

නත්තල් උත්සවයට මාස 03 ක පමණ කාලයක් ඇතත් නත්තල් සාප්පු සවාරි දැන්ම ආරම්භ කරන ලෙස ඔස්ටේ‍රලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සියල්ලම පාහේ පාරිභෝගිකයන්ට දන්වා සිටී.

කොවිඩ් තත්වය හමුවේ රටවල් රැසක සංචරණ සීමා ක්‍රියාත්මක වීම හමුවේ ගෝලීය සැපයුම් ජාලවල අඩාලවීමක් පැවතීමයි ඊට හේතුව වන්නේ.

නත්තල් සමය සමීපවීමත් සමග විවිධ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම ඉහළයාම හමුවේ ඇතැම් භාණ්ඩවල හිගයක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

ලොව පුරා බොහෝ ගුවන් තොටුපළ සහ වරායන් හි මෙහෙයුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමත් මීට මාස කිහිපයකට පෙර ලැබුණු ඇතැම් භාණ්ඩ පවා තවමත් බෙදා හැරීමට නොහැකිව ගොඩ ගැසී තිබීම මීට හේතුවයි.

කෙසේවෙතත් මෙවරත් පාරිභෝගිකයන් විශාල පිරිසක් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ඇණවුම් කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පසුගිය වසරේදී ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ඇණවුම් කල පිරිස සියයට 32 කින් ඉහළ ගොස් තිබිණ.

 

Source : https://9now.nine.com.au/a-current-affair/coronavirus-retailers-urge-christmas-shopping-early-amid-covid19-delays/74685807-3395-4bdd-b1ff-fdcf96abb113

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »