Cadbury චොක්ලට් මෙල්බර්න් කම්හල් දෙකෙහි සේවකයන් අද සිට වැඩ වර්ජනයක

ජනප්‍රිය Cadbury චොක්ලට් නිෂ්පාදනය කරන මෙල්බර්න් හි පිහිටි කර්මාන්ත ශාලා දෙකෙහිම සේවකයන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

රැකිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඉහළ වැටුප් ඉල්ලමිනුයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

හෙට පෙරවරුව දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර ලබන සඳුදා දක්වා කිසිදු අතිකාල සේවයක නිරත නොවන බවද ඔවුන් අවධාරණය කර තිබේ.

මෙල්බර්න් Cadbury කම්හල් දෙකෙහි සේවය කරන 360 කට ආසන්න පිරිසක් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.

Lockdown තත්වය තුළ පවා තමන් චොක්ලට් ඇතුලු රසකැවිලි නිපදවීම අඩාලවීමට ඉඩ නොතැබූ නමුත් පාලනාධිකාරිය තම රැකියා කෙරෙහි දක්වා ඇති උනන්දුව ඉතා අල්ප බවටයි සේවකයන් චෝදනා කරන්නේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »