මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට ??

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලෝක වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමේ අදහසක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියකු පැවැසීය.

ලසිත් මාලිංග වැනි අත්දැකීම් සපිරි ක්‍රීඩකයකුගේ උපදේශකත්වය තරුණ ක්‍රීඩකයන්ට ප්‍රයෝජනවත් බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම උසස් නිලධාරියා ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම බව සඳහන් කළේය.

මාලිංග සමග මෙම අදහස සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා කර නොමැති බවත් ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

මාලිංගට මේ වන විට විදේශ කණ්ඩායම් රැසකින් වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා ආරාධනා ලැබී ඇති බව දැනගන්නට තිබේ.

තිස්අටවැනි වියේ පසුවන ලසිත් මාලිංග ටෙස්ට් තරග 30 කදී, එක්දින ජාත්‍යන්තර තරග 226 කදී සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර එහිදී ටෙස්ට් කඩුලු 101 ක්. එක්දින කඩුලු 338 සහ විස්සයි20 කඩුලු 107 දවා ගැනීමට සමත්ව තිබේ.

(Lankadeepa)

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »