බටහිර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරේ

බටහිර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ නිපදවන ලද පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබේ.

Binar-1 ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව අමෙරිකාවේ ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මුදා හැරුණි.

එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ගෙන යාමට නියමිතය.

මෙම චන්ද්‍රිකාවද රැගත් රොකට්ටුව අන්තර්ජාලය ඔස්සේ දැකබලා ගැනීම සඳහා පර්ත් Yagan චතුරශ්‍රය වෙත විශාල පිරිසක් එක් රොක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී මහාචාර්ය Phil Bland පැවසුවේ ඉදිරියේදීත් මෙවැනිම තවත් චන්ද්‍රිකා අත්හදා බැලීමට කටයුතු කරන බවයි.

එමෙන්ම 2025 වසර වනවිට චන්ද්‍රයා වෙත අභ්‍යවකාශ යානයක් යැවීමටද මෙම විද්‍යාඥයන් සූදානමින් සිටී.

 

Pic : ABC News: Kenith Png

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »