කොවිඩ් ආසාධිතව ඔස්ටේ්‍රලියාවේදී මියගිය වයසින් අඩුම කාන්තාව සිඩ්නි නුවරින්

කොවිඩ් ආසාධිතව ඔස්ටේ්‍රලියාවේදී මියගිය වයසින් අඩුම කාන්තාව බවට සිඩ්නි නුවර පදිංචි 30 හැවිරිදි තිදරු මවක පත්වී තිබේ.

Ianeta Isaako නම් ඇය සිඩ්නි නුවර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඊයේ පස්වරුවේ මියගොස් තිබේ.

ඇයගේ සැමියා ද මේ වනවිට කොවිඩ් ආසාධිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මියගිය කාන්තාවට වෙනත් රෝගාබාධ තිබුණේ දැයි සොයා මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණයක්ද ආරම්භ වී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 113 ක් දැඩි සත්කාර ඒකකවල සිටින බවත් 98 ක් කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant සඳහන් කළාය.

Pic – 9News

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »