Breaking: මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාධනය වී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 65 වන වියෙහියි පසුවූයේ.

මීට දින කිහිපයකට පෙර ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරුණු මංගල සමරවීර මහතා දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබුවා.

මින් දින කිහිපයකට පෙර ඔහුගේ තත්වය යහපත් අතට හැරුණද අද පෙරවරුවේ හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

1956 අප්‍රේල් 21 වනදා උපත ලැබූ මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වනවා.

1989 වසරේදී මාතර දිස්ත්‍රික්කයෙන් පළමුවරට දේශපාලනයට පිවිසි ඔහු අනතුරුව පැවති සෑම පාර්ලිමේන්තු මැතිවරණයකටම පාහේ තරග කර පාර්ලිමේන්තු වරම් දිනාගත්තා.

තැපැල් – විදුලි සංදේශ – වරාය – ජනමාධ්‍ය – විදේශ – මුදල් ආදී කැබිනට් අමාත්‍ය ධුර රැසක්ද හෙබවු මංගල සමරවීර මහතා අවසන් වරට පැවති 2020 මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග කිරීමට නාම යෝජනා භාර දුන්නද තරග කිරීමෙන් වැළකී සිටියා.

මීට සති කිහිපයකට පෙර ඔහු නැවතත් සිවිල් සංවිධාන ව්‍යාපාරයක්ද ආරම්භ කරනු ලැබුවා.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »