Breaking: Dandenong ලාංකික අවන්හලක් ඇතුලු ස්ථාන රැසක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

breaking

මෙල්බර්න් Dandenong ශ්‍රී ලාංකික අවන්හලක් ඇතුලු ස්ථාන රැසක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Dandenong – Clow Street හි Colombo Impex අවන්හල මෙලෙස අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත.

පසුගිය සිකුරාදා රාත්‍රී 07.15 – රාත්‍රී 08 දක්වා කාලයේදී කොවිඩ් ආසාධිතයෙකු එම ස්ථානයේ සිටි බව සඳහන්.

ඒ අනුව අදාළ කාලසීමවේ එම ස්ථානයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

මෙල්බර්න් නගරයේ වාසය කරන සුවහසක් වන ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පතා ඔවුන්ට කරන දැනුම්දීමක් ලෙස මෙම තොරතුරු අනාවරණය කෙරේ.

අද පෙරවරුවේ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/exposure-sites

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »