ගතවූ පැය 24 තුළ NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 466 ක් / සඳුදා සිට දඩ ඉහළට

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 466 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය මේ දක්වා එක් දිනයකදී NSW ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි.

ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 04 ක් සටහන්වී ඇත.

වයස අවුරුදු 80 ක පිරිමි අයෙකු / අවුරුදු 70 ක් පමණ වන පිරිමි අයෙකු / අවුරුදු 70 ක කාන්තාවක සහ අවුරුදු 40 ක කාන්තාවක ඒ අතර වනවා.

මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 99 දක්වා වැඩි වේ.

පවතින තත්වය හමුවේ ලබන සඳුදා සිට NSW ප්‍රාන්තයේ මාර්ගවල මාර්ග බාධක සංඛ්‍යාව ඉහළ දමා ඇත.

නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් නියම කෙරේ.

එය දැනට පවතින දඩයට වඩා ඩොලර් 1000 ක වැඩි කිරීමකි.

බලපත් අවභාවිත කරන්නන්ටද ඩොලර් 5000 ක දඩයක් අය කෙරෙනු ඇත.

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »