Day: August 14, 2021

Dandenong සහ Noble Park ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Dandenong සහ Noble Park ඇතුලු මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. Dandenong හි Coles වෙළඳ සැලක් මෙන්ම Noble Park හි 7-Eleven වෙළඳ සැලක් ඒ අතර වෙයි. මෙල්බර්න් හි නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් : https://www.coronavirus.vic.gov.au/exposure-sites

Read More »

අද ඉන්දුනීසියාව – හෙට ශ්‍රී ලංකාවද ???

රෝගීන් නිවෙස් නිරෝධායනයට යොමුකිරීමට ඉන්දුනීසියානු රජය ගත් තීන්දුව එරට කොවිඩ් ව්‍යාප්තිය ඉහළයෑමට හේතුවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ. ඩෙල්ටා නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඉන්දුනීසියාවේ රෝහල් පද්ධතිය දැවැන්ත කඩාවැටීමකට ලක්වී තිබුණි. රෝහල්වල ධාරිතාව ඉක්මවායෑම හේතුවෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් තවදුරටත් රෝහල් වෙත ඇතුළත් කර නොගෙන ඔවුන් නිවෙස් නිරෝධායනයට යොමුකිරීමට එහිදී බලධාරීන් තීරණය කළේය. කෙ‍සේවෙතත් මෙම තීන්දුව ඉන්දුනීසියාවේ ආසාදිතයින්ගේ ඉහළයෑමට හේතුවූ බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී තිබේ. එම තත්ත්වය උද්ගතවී ඇත්තේ, රෝගී එක් පුද්ගලයෙකු නිවසේ නිරෝධායනයේ

Read More »

මයිලෝ හා සමාන ඇල්කොහොල් ඇසුරුමකට එරෙහිව වික්ටෝරියා මවකගෙන් පැමිණිල්ලක්

සුප්‍රකට මයිලෝ චොකලට් පානය හා සමාන අයුරින් Howler Brewing Company නිර්මාණය කර ඇති chocolate milk stout විශේෂයක වෙළඳ දැන්වීම් තහනම් කර තිබේ. ඊට හේතුව වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ මවක විසින් පාරිභෝගික ආරක්ෂණ අංශ වෙත කරන ලද පැමිණිල්ලකි. අදාළ ඇල්කොහොල් පානයේ ඇසුරුම මයිලෝ පානය හා සමාන බැවින් සිය පුත්‍රයා අත්වැරදීමකින් එය පානය කර ඇති බවයි ඇය පවසා තිබුණේ. South Gippsland හි පිහිටා ඇති brewery එකකදී chocolate milk stout නිපදවනු ලබනවා. කිසියම් අයුරකින් මෙම නියමයන් කඩකලහොත් අදාළ මත්පැන් සමාගමට ඩොලර්

Read More »

Breaking: අද පස්වරු 05 සිට සමස්ත NSW ප්‍රාන්තයම දින 07 කට Lockdown

අද පස්වරු 05 සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයම දින 07 කට Lockdown කර තිබේ. කොවිඩ් ඩෙල්ටා වෛරස ප්‍රභේදය පාලනයකින් තොරව පැතිර යාම ඊට හේතුවයි. ප්‍රධාන කරුණ 04 කට (shopping for essentials, medical care, caregiving, outdoor exercise) හැර නිවාසවලින් පිටතට යාම මේ අනුව තහනම් වනු ඇති. සියලු පාසල් වසා දමා ඇති අතර දුරස්ථ අධ්‍යාපන ක්‍රම යටතේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා යුතු වනවා. ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ්

Read More »

“මිනිස්සු මැස්සො වගේ මැරෙනවා” – අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍යවරයෙක් කියයි

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කරයි. එම වෛද්‍යවරයා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය. ============================================================================ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන් ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් දෙනෙක් කොරෝනා වාට්ටු දෙකක වැඩ කරනවා. මේ වෙද්දි ඒවා පිරිලා ඉතිරිලා ගිහින්. පුටු වලත්, බිමත් පොදිකකා ආසන්න වශයෙන් කොරෝනා රෝගීන් සීයක් වගේ ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර ලබනවා.

Read More »