Day: August 14, 2021

ගතවූ පැය 24 තුළ NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 466 ක් / සඳුදා සිට දඩ ඉහළට

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 466 දෙනෙකු හඳුනාගෙන තිබේ. එය මේ දක්වා එක් දිනයකදී NSW ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි. ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 04 ක් සටහන්වී ඇත. වයස අවුරුදු 80 ක පිරිමි අයෙකු / අවුරුදු 70 ක් පමණ වන පිරිමි අයෙකු / අවුරුදු 70 ක කාන්තාවක සහ අවුරුදු 40 ක කාන්තාවක ඒ අතර වනවා. මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ

Read More »

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 21 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් කොරෝනා ආසාදිතයින් 21 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 163 කි. ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 33,675 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 29,490 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1426308471041916929?s=20

Read More »

South Melbourne Market සමස්ත පරිශ්‍රයම කොවිඩ් අවධානම් කලාපයක් කරයි

South Melbourne Market සමස්ත පරිශ්‍රයම කොවිඩ් අවධානම් කලාපයක් ලෙස නම් කර තිබේ. ඒ පසුගිය සෙනසුරාදා (07) දිනයේදී කොවිඩ් ආසාධිතයෙකු එහි සිටීම හේතුවෙන්. එදින පස්වරු 01.30 ත් පස්වරු 02.20 ත් අතර කාලයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරික්ෂණයකට යොමුවිය යුතු වනවා. අද පෙරවරු 10 සිට නැවතත් ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව ඇතත් වෙළඳසැල් කිහිපයක්ම තවදුරටත් වසා තැබෙනු ඇති.   Pic – 3AW

Read More »

සංගණනය සම්පූර්ණ කිරීමට නොහැකිවූ පුද්ගලයින්ට සතියක අමතර කාලයක්

පසුගිය අගෝස්තු 10 වනදා අඟහරුවාදා ක්‍රියාත්මක කල සංගණනය සඳහා තම තොරතුරු ඇතුළත් කිරීමට නොහැකිවූ පිරිස් වෙත එම කාර්යය සම්පුර්ණ කිරීමට තවත් සතියක අමතර කාලයක් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ලබා දී තිබේ. සංගණන තොරතුරු ලබා නොදුන් නිවැසියන් සිටී නම් ඔවුන්ට ඉදිරි දිනවලදී එම තොරතුරු ලබාදෙන ලෙසට සිහි කැඳවීමේ ලිපියක් ලැබෙනු ඇත. ඊට පසුව ලැබුණු සංගණන තොරතුරු සලකා බැලීමේ සහ විශ්ලේෂණය කිරීම ආරම්භ වීමට නියමිතය. ඒ අනුව විශ්ලේෂණය කළ පළමු සංගණන දත්ත සමූහය 2022 වසරේ ජුනි මාසයේදී

Read More »