Breaking: අද පස්වරු 05 සිට සමස්ත NSW ප්‍රාන්තයම දින 07 කට Lockdown

අද පස්වරු 05 සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයම දින 07 කට Lockdown කර තිබේ.

කොවිඩ් ඩෙල්ටා වෛරස ප්‍රභේදය පාලනයකින් තොරව පැතිර යාම ඊට හේතුවයි.

ප්‍රධාන කරුණ 04 කට (shopping for essentials, medical care, caregiving, outdoor exercise) හැර නිවාසවලින් පිටතට යාම මේ අනුව තහනම් වනු ඇති.

සියලු පාසල් වසා දමා ඇති අතර දුරස්ථ අධ්‍යාපන ක්‍රම යටතේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා යුතු වනවා.

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 466 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය මේ දක්වා එක් දිනයකදී NSW ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි.

ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 04 ක් සටහන්වී ඇත.

වයස අවුරුදු 80 ක පිරිමි අයෙකු / අවුරුදු 70 ක් පමණ වන පිරිමි අයෙකු / අවුරුදු 70 ක කාන්තාවක සහ අවුරුදු 40 ක කාන්තාවක ඒ අතර වනවා.

මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 99 දක්වා වැඩි වේ.

පවතින තත්වය හමුවේ ලබන සඳුදා සිට NSW ප්‍රාන්තයේ මාර්ගවල මාර්ග බාධක සංඛ්‍යාව ඉහළ දමා ඇත.

නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් නියම කෙරේ.

එය දැනට පවතින දඩයට වඩා ඩොලර් 1000 ක වැඩි කිරීමකි.

බලපත් අවභාවිත කරන්නන්ටද ඩොලර් 5000 ක දඩයක් අය කෙරෙනු ඇත.

 

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »