
රෝගීන් නිවෙස් නිරෝධායනයට යොමුකිරීමට ඉන්දුනීසියානු රජය ගත් තීන්දුව එරට කොවිඩ් ව්‍යාප්තිය ඉහළයෑමට හේතුවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ.
ඩෙල්ටා නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඉන්දුනීසියාවේ රෝහල් පද්ධතිය දැවැන්ත කඩාවැටීමකට ලක්වී තිබුණි.
රෝහල්වල ධාරිතාව ඉක්මවායෑම හේතුවෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් තවදුරටත් රෝහල් වෙත ඇතුළත් කර නොගෙන ඔවුන් නිවෙස් නිරෝධායනයට යොමුකිරීමට එහිදී බලධාරීන් තීරණය කළේය.

කෙසේවෙතත් මෙම තීන්දුව ඉන්දුනීසියාවේ ආසාදිතයින්ගේ ඉහළයෑමට හේතුවූ බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී තිබේ.
එම තත්ත්වය උද්ගතවී ඇත්තේ, රෝගී එක් පුද්ගලයෙකු නිවසේ නිරෝධායනයේ සිටියදී ඔවුන්ගේ නිවසේ අනෙක් පිරිසත් කොවිඩ් රෝගයට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් පැවතීම හේතුවෙනි.

මෙසේ නිවෙස් නිරෝධායනයට යොමුකර සිටියදී රෝගී තත්ත්වය අසාධ්‍ය වුවත් ඔවුන්ට රෝහල්වෙත ඇතුළුවීමට අවස්ථාව හිමි නොවන බවද වාර්තා වේ.
එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ රෝගීන් නිවෙස් තුළම මියයාමය.
මේ වනවිට කොවිඩ් රැල්ලේ උපරිමය පසුකර ඇති බැවින් ඉන්දුනීසියාවේ ආසාදිතයින්ගේ පහළයෑමක් වාර්තාවෙමින් ඇති අතර රෝහල්වල පැවති තදබදයද මඳක් සමනය වෙමින් පවතින බවද වාර්තා වේ.
එසේ තිබියදී වුවත් තවදුරටත් ආසාදිතයින් නිවෙස් නිරෝධායනයට යොමුකිරීමට බලධාරීන් තීන්දු කර තිබීම ද බොහෝදෙනාගේ මවිතයට හේතුවක් වී තිබේ.