ඔස්ටේ්‍රලියා ජනගහණයෙන් 1/4 ක් පූර්ණ එන්නත්කරණයට – ටස්මේනියාව ඉදිරියෙන්

මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් 1/4 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.

පසුගිය මාසයේදී එය සියයට 11 ක් ලෙස පැවති බවද මාසයකදී සියයට 14 කින් එම අගය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවද අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.

ඊයේ දිනයේදී පුද්ගලයන් 270,000 ක් සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා ලබා දී තිබිණ.

එය මේ දක්වා ඔස්ටේ්‍රලියාව තුළ ලබා දී ඇති වැඩිම දෛනික කොවිඩ් මාත්‍රා අතුරින් එක් දිනයක්ද වනවා.

ප්‍රාන්තයක් ලෙස ගත් කල වැඩිම එන්නත්කරණ ප්‍රතිශතය ටස්මේනියාවෙන් වාර්තාවන අතර ප්‍රතිශතය සියයට 52.5 කි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »