Lockdown තත්වයේ සිටින රැකියා අහිමි අයට දෙන මූල්‍යාධාරය ඉහළට

Lockdown තත්වයේ සිටින රැකියා අහිමිවී ගොස් ඇති ඔස්ටේ්‍රලියානුවන් වෙනුවෙන් ලබාදෙන මූල්‍යාධාරය වැඩි කර තිබේ.

ඒ අනුව සතියට පැය 20 ට වඩා සේවය කරන පුද්ගලයන්ට මෙතෙක් ගෙවූ ඩොලර් 600 දීමනාව ඩොලර් 750 දක්වාද පැය 20 ට අඩුවෙන් සේවය කරන පුද්ගලයන්ට ගෙවීමට යෝජනා වූ ඩොලර් 375 දීමනාව ඩොලර් 450 දක්වාද ඉහළ දැමෙන බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් සති 04 කට Lockdown කිරීමට ප්‍රාන්ත බළධාරීන් ගත් තීරණයයි මීට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත්තේ.

අද කැන්බරා හිදී පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මෙය නිවේදනය කලේය.

සතියකට පැය 08 ත් 20 ත් අතර සේවය කරන පුද්ගලයන්ට මේ අනුව ඩොලර් 200 ක දීමනාවක් ගෙවීමටද ෆෙඩරල් රජය තීරණය කොට තිබේ.

මෙම දීමනා ලබාගැනීම සඳහා Services Australia වෙබ් අඩවිය ඔස්සේ ඉල්ලුම් කල යුතුයි.

 

Pic – AAP

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »