Day: July 28, 2021

ඔලිම්පික් බේස්බෝල් තරගවලට පන්දුව ලංකාවෙන්

ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරග සඳහා පාවිච්චි කරන බේස්බෝල් පන්දු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දු වීම වඩාත් කැපී පෙනේ. ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුවක් තරග සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය වේ. බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණ ද ලෝක බේස්බෝල් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් වන ජපානය, ඇමරිකාව, දකුණු කොරියාව ආදි රටවල් සහභාගි වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දු යොදාගෙන තිබේ. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලියේ මෙහෙයුම් කළමනාකරු

Read More »

Lockdown විරෝධී උද්ඝෝෂණවලට ගිය පිරිස් ගැන NSW පොලිසිය වාර්තා 6000 ක් හදා අවසන්

Lockdown සීමා කඩකර සිඩ්නි නගරයේ විරෝධතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් වාර්තා 6000 ක් සකස් කර තිබේ. ඒ එක් අයෙකුට වාර්තා 02 බැගිනුයි. පසුගියදා පැවති මෙම උද්ඝෝෂණය සඳහා 3500 ක පමණ පිරිසක් සහභාගී වි සිටි බවටයි NSW පොලිසිය තක්සේරු කර තිබුණේ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ පණවා ඇති Lockdown සීමා වහා ඉවත් කල යුතු බවයි. කෙසේවෙතත් මෙම පිරිසට එරෙහිව නිරෝධායන නීති කඩ කිරීම යටතේ චෝදනා ගොණු කරන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය

Read More »

PHOTOS : මෙල්බර්න් Essendon හිදී ට්‍රක් රථයක් මෝටර් රථයක් මතට පෙරළී වාහන 02 ම ගිනිගනී

මෙල්බර්න් Essendon හිදී ට්‍රක් රථයක් Mt Alexander මාර්ගය හරහා පෙරළි යාමෙන් අනතුරක් සිදුවී තිබේ. මෙහිදී මෝටර් රථයකටද දැඩි හානි සිදුවී ඇත. එහි සිටි 56 හැවිරිදි කාන්තාව සිරවී සිටි අතර ඇය බේරා ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ට්‍රක් රථය සහ මෝටර් රථය ගිනිගෙන ඇති අතර මේ වනවිට එය නිවාදමා තිබේ. ට්‍රක් රථය පැදවූ 30 හැවිරිදි රියදුරා පොලිස් පරීක්ෂණවලට සහය දෙමින් සිටින බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියයි. Willow Street සහ Grice Crescent අතර Mt Alexander Road මේ වනවිට වසා

Read More »

Lockdown තත්වයේ සිටින රැකියා අහිමි අයට දෙන මූල්‍යාධාරය ඉහළට

Lockdown තත්වයේ සිටින රැකියා අහිමිවී ගොස් ඇති ඔස්ටේ්‍රලියානුවන් වෙනුවෙන් ලබාදෙන මූල්‍යාධාරය වැඩි කර තිබේ. ඒ අනුව සතියට පැය 20 ට වඩා සේවය කරන පුද්ගලයන්ට මෙතෙක් ගෙවූ ඩොලර් 600 දීමනාව ඩොලර් 750 දක්වාද පැය 20 ට අඩුවෙන් සේවය කරන පුද්ගලයන්ට ගෙවීමට යෝජනා වූ ඩොලර් 375 දීමනාව ඩොලර් 450 දක්වාද ඉහළ දැමෙන බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් සති 04 කට Lockdown කිරීමට ප්‍රාන්ත බළධාරීන් ගත් තීරණයයි මීට ප්‍රධාන වශයෙන් ඉවහල් වී

Read More »

සවුදියෙන් දැඩි තීරණයක් – රටවල් කිහිපයක පුරවැසියන්ට අවුරුදු 03 කට එන්න එපා කියයි

කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සංචාරය තහණම් කර ඇති අවධානම් රටවල් හෙවත් රතු ලැයිස්තුවේ ඇතුළත් රටවලින් පැමිණෙන පුද්ගලයන්ට වසර 03 ක සංචාරක තහණමක් පැණවීමට සවුදි අරාබිය තීරණය කර තිබෙනවා. ඉන්දියාව / එක්සත් අරාබි එමීර් රාජ්‍යය / පකිස්ථානය / ලෙබනන් වියට්නාමය / දකුණු අප්‍රිකාව / බ්‍රසීලය ඇතුලු රටවල් කිහිපයක් සඳහා සවුදි අරාබිය විසින් මේ වනවිට සංචාරක තහණම් පණවා අවසන්. මෙම රටවල පුරවැසියන්ට සවුදි අරාබියට ඇතුලුවීමට අවසර නොමැති නමුත් පසුගිය දින කිහිපයේදී එම නියමයන් උල්ලංඝනය වී ඇති

Read More »