ඔලිම්පික් බේස්බෝල් තරගවලට පන්දුව ලංකාවෙන්

ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරග සඳහා පාවිච්චි කරන බේස්බෝල් පන්දු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දු වීම වඩාත් කැපී පෙනේ.

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුවක් තරග සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය වේ.

බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණ ද ලෝක බේස්බෝල් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් වන ජපානය, ඇමරිකාව, දකුණු කොරියාව ආදි රටවල් සහභාගි වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දු යොදාගෙන තිබේ.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලියේ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන සුජීව විජේනායක ගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද දැනගන්නට තිබේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »