Lockdown විරෝධී උද්ඝෝෂණවලට ගිය පිරිස් ගැන NSW පොලිසිය වාර්තා 6000 ක් හදා අවසන්

Lockdown සීමා කඩකර සිඩ්නි නගරයේ විරෝධතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් වාර්තා 6000 ක් සකස් කර තිබේ.

ඒ එක් අයෙකුට වාර්තා 02 බැගිනුයි.

පසුගියදා පැවති මෙම උද්ඝෝෂණය සඳහා 3500 ක පමණ පිරිසක් සහභාගී වි සිටි බවටයි NSW පොලිසිය තක්සේරු කර තිබුණේ.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ පණවා ඇති Lockdown සීමා වහා ඉවත් කල යුතු බවයි.

කෙසේවෙතත් මෙම පිරිසට එරෙහිව නිරෝධායන නීති කඩ කිරීම යටතේ චෝදනා ගොණු කරන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කලා.

 

Pic – Brook Mitchell

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »