Lockdown තත්වයේ සිටින රැකියා අහිමි අයට දෙන මූල්‍යාධාරය ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

Lockdown තත්වයේ සිටින රැකියා අහිමි අයට දෙන මූල්‍යාධාරය ඉහළට

Lockdown තත්වයේ සිටින රැකියා අහිමි අයට දෙන මූල්‍යාධාරය ඉහළට

Lockdown තත්වයේ සිටින රැකියා අහිමිවී ගොස් ඇති ඔස්ටේ්‍රලියානුවන් වෙනුවෙන් ලබාදෙන මූල්‍යාධාරය වැඩි කර තිබේ.

ඒ අනුව සතියට පැය 20 ට වඩා සේවය කරන පුද්ගලයන්ට මෙතෙක් ගෙවූ ඩොලර් 600 දීමනාව ඩොලර් 750 දක්වාද පැය 20 ට අඩුවෙන් සේවය කරන පුද්ගලයන්ට ගෙවීමට යෝජනා වූ ඩොලර් 375 දීමනාව ඩොලර් 450 දක්වාද ඉහළ දැමෙන බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් සති 04 කට Lockdown කිරීමට ප්‍රාන්ත බළධාරීන් ගත් තීරණයයි මීට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත්තේ.

අද කැන්බරා හිදී පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මෙය නිවේදනය කලේය.

සතියකට පැය 08 ත් 20 ත් අතර සේවය කරන පුද්ගලයන්ට මේ අනුව ඩොලර් 200 ක දීමනාවක් ගෙවීමටද ෆෙඩරල් රජය තීරණය කොට තිබේ.

මෙම දීමනා ලබාගැනීම සඳහා Services Australia වෙබ් අඩවිය ඔස්සේ ඉල්ලුම් කල යුතුයි.

 

Pic – AAP