Day: July 28, 2021

ශ්‍රී ලංකා කණ්ඩායමටත් සුභ ආරංචියක් – කොවිඩ් ආසාධිත ඉන්දීය ක්‍රීඩකයාගේ සමීපතමයන් සියල්ල Negative

කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කෲනාල් පාණ්ඩ්‍යාගේ සමීප ආශ්‍රිත ක්‍රීඩකයන් 08 දෙනාම කොවිඩ් ආසාධිත නොවන බවට හෙළිවී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුකල පී සී ආර් පරීක්ෂණවලින් එය තහවුරු වී ඇති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කලේ. කෙසේවෙතත් මෙම ක්‍රීඩකයන් 08 දෙනාට අවසන් පන්දුවාර 20 තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. කෲනාල් පාණ්ඩ්‍යාට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරුවීමත් සමග ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හුදකලා කර පරීක්ෂණවලට ලක් කෙරුණා. ඒ අනුව ඊයේ පැවැත්වීමට නියමිතවූ දෙවන

Read More »

Moonee Valley කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ සේවකයෙකුට කොවිඩ් / වැළඳුණු හැටි අභිරහසක්

Moonee Valley Racecourse හි පිහිටුවා ඇති drive-through කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ සේවකයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හෙළි කරගෙන තිබේ. ඒ අනුව එම ස්ථානය වසා දමා ඇති අතර සියලු සේවකයන් නිරෝධායනයට යොමු කර ඇත. අදාළ සේවකයා සේවයේ නියුතුව සිටි වේලාවේදී එම ස්ථානයට කොවිඩ් ආසාධිතයෙකු පැමිණ ඇති දැයි මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ. වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ අදාළ සේවකයා පසුගිය සඳුදා සිට රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි. මෙහි අවධානම අවම නමුත් අවධානයෙන් පසුවන බවද

Read More »

සිඩ්නි Lockdown අගෝස්තු 28 දා දක්වා / පසුගිය පැය 24 දී ආසාධිතයන් 177 ක් / කොවිඩ් මරණයක්

සිඩ්නි නගරයට පණවා ඇති Lockdown තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර ඇත. ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian නිවේදනය කලේ ලබන මස 28 වනදා දක්වා එය බලපැවැත්වෙන බවයි. Liverpool, Canterbury-Bankstown, Fairfield, Cumberland &  Blacktown ප්‍රදේශවල කිසිදු අයෙකුට අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවාසවලින් පිටතට යා නොහැක. පසුගිය පැය 24 තුළදී ප්‍රාන්තයෙන් ආසාධිතයන් 177 ක් වාර්තා වී ඇති අතර ඉන් 46 දෙනෙකු වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇත. https://twitter.com/NSWHealth/status/1420187458629554178?s=20 එමෙන්ම කොවිඩ් ආසාධිතව සිටි 90 හැවිරිදි කාන්තාවක මියගිය බවද සෞඛ්‍ය අංශ

Read More »

අඛණ්ඩව 04 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක්

අඛණ්ඩව 04 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරමින් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 08 ක් පමණක් සටහන්වී තිබේ. ඔවුන් සියලු දෙනා හුදකලාව සිටි අය බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. https://twitter.com/VicGovDH/status/1420155545156161540?s=20 ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තය තත්වයෙන් මුදා හැරුණු අතර මේ වනවිට කිසිදු සංචරණ සීමාවක් බලාත්මක වන්නේ නැහැ. කෙසේවෙතත් Tier 02 ඝනයට අයත් අවධානම් ස්ථාන කිහිපයක් ඊයේ රාත්‍රියේ නිවේදනය කෙරිණ. The Source Bulk Foods on Carlisle Street on July 15 between

Read More »