ශ්‍රී ලංකා කණ්ඩායමටත් සුභ ආරංචියක් – කොවිඩ් ආසාධිත ඉන්දීය ක්‍රීඩකයාගේ සමීපතමයන් සියල්ල Negative

කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කෲනාල් පාණ්ඩ්‍යාගේ සමීප ආශ්‍රිත ක්‍රීඩකයන් 08 දෙනාම කොවිඩ් ආසාධිත නොවන බවට හෙළිවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුකල පී සී ආර් පරීක්ෂණවලින් එය තහවුරු වී ඇති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කලේ.

කෙසේවෙතත් මෙම ක්‍රීඩකයන් 08 දෙනාට අවසන් පන්දුවාර 20 තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

කෲනාල් පාණ්ඩ්‍යාට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරුවීමත් සමග ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හුදකලා කර පරීක්ෂණවලට ලක් කෙරුණා.

ඒ අනුව ඊයේ පැවැත්වීමට නියමිතවූ දෙවන පන්දුවාර 20 තරගයද අද දිනය දක්වා කල් දැමීමටයි පියවර ගැණුනේ.

මේ අනුව 02 වන පන්දුවාර 20 තරගය අද දිනයේත් 03 වන තරගය හෙට දිනයේදීත් පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජෛව ආරක්ෂණ බුබුලු පිළිබඳ ප්‍රධානී මහාචාර්ය අර්ජුණ ද සිල්වා සඳහන් කර ඇත්තේ ජෛව ආරක්ෂණ බුබුළ කිසිදු ආකාරයකින් බිඳී ගොස් නැතැයි තහවුරු කල හැකි බවයි.

එසේ තිබියදී කෲනාල් පාණ්ඩ්‍යාට වෛරසය ආසාධනය වූයේ කෙසේදැයි යන්න ගැටලු සහගත වී තිබෙනවා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »