Moonee Valley කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ සේවකයෙකුට කොවිඩ් / වැළඳුණු හැටි අභිරහසක්

Moonee Valley Racecourse හි පිහිටුවා ඇති drive-through කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ සේවකයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හෙළි කරගෙන තිබේ.

ඒ අනුව එම ස්ථානය වසා දමා ඇති අතර සියලු සේවකයන් නිරෝධායනයට යොමු කර ඇත.

අදාළ සේවකයා සේවයේ නියුතුව සිටි වේලාවේදී එම ස්ථානයට කොවිඩ් ආසාධිතයෙකු පැමිණ ඇති දැයි මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ අදාළ සේවකයා පසුගිය සඳුදා සිට රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.

මෙහි අවධානම අවම නමුත් අවධානයෙන් පසුවන බවද සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ 35,862 ක් සිදුකර තිබිණ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »