VIDEO : නාඩගම්කාරයෝ නවත්වන්න හදන ඩෑන් ගේ අලුත්ම නාඩගම මෙන්න

අතිශය ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට එරෙහිව සිංහලේ ජාතික ව්‍යාපාරය නම් සංවිධානයක ඩෑන් ප්‍රියසාද් නම් තැනැත්තෙකු පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

භික්ෂුන් වහන්සේ සහ බුද්ධ චීවරය අගෞරවයට ලක් කල බවටයි එමගින් ඔහු චෝදනා කර ඇත්තේ.

කෙසේවෙතත් ඩෑන් ප්‍රියසාද් නම් තැනැත්තාට එරෙහිව පසුගිය කාල සීමාවේදී චෝදනා ගණනාවක් එල්ල විය.

ජාතීන් අතර අසමගිය ඇති කරවන ආකාරයෙන් හැසිරීමද ඒ අතර වෙයි.

එමෙන්ම මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින්ට ගල්කිස්සේ දී එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කර සිටි ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනීමට තමන් පොලිසියට සහාය දුන් බව නාමල් කුමාර නමැත්තාද ප්‍රකාශ කර තිබිණි.

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව තමන් ඔප්පු කර පෙන්වන බව අපේ ජන බල පක්ෂය සංවිධායක ඩෑන් ප්‍රියසාද් පසුගිය දිනක පවසා තිබුණද ඔහු මේ දක්වා එය ඔප්පු කර නොමැත.

ඩෑන් ප්‍රියසාද් පසුගිය දිනක කල ආන්දෝලනාත්මක ප්‍රකාශය පහතින්

 

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »