Day: February 9, 2022

වසර 10 කට පසු නිවු සවුත් වේල්ස් පුරා හෙද වර්ජනයක්

වසර 10 කට පසු පළමු වරට සමස්ත ප්‍රාන්තය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නිවු සවුත් වේල්ස් හෙදියන් තීරණය කර තිබෙනවා. සේවක හිගය – වැටුප් විෂමතා සහ සේවා ස්ථාන පහසුකම් පදනම් කරගනිමිනුයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ. ලබන සතියේ අගහරුවාදා දිනයේදී මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පසුගිය වසර 02 පුරා දිගින් දිගටම කල ඉල්ලීම් ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විසින් නොසළකා හැර ඇති බවටද ඔවුන් චෝදනා කරනවා. පළමුවෙන් එක්දින සංකේත වර්ජනයක් පවත්වා ඊට ලැබෙන ප්‍රතිචාර අනුව

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ වසර 14 කට පසු ඉහළම අගයට

ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ ගණන් වසර 14 කට පසු ඉහළම අගයන් වාර්තා කර තිබෙනවා. ඇතැම් ප්‍රාන්තවල ප්‍රධාන නගරවල අද දිනයේදී පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 02 කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල වාර්තාවල දැක්වෙන්නේ. ගෝලීය තෙල් මිළ ඉහළ යාම සහ සැපයුම ප්‍රමාණවත් නොවීම මීට ප්‍රධාන හේතුවයි. ඊයේ දිනය වනවිට බොරතෙල් බැරලයක මිළ ඩොලර් 100 කට ආසන්න වී තිබුණා. එය ඇතැම්විට තවත් ඉහළ යා හැකි බවටයි අනාවැකි පළවන්නේ. https://www.9news.com.au/national/petrol-prices-2-dollars-a-litre-record-14-year-highs-australia/72dc38f7-a292-4221-8280-f4942dd2c5ce

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 9,908 / NSW – 10,312

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 9,908 ක් හමුව ඇත. මරණ 21 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,022 කි. ඊයේ දිනයේදී (08) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 28,160 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 14,929 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (08) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 10,312 ක් වාර්තා වි තිබේ. දැනට 1,906 දෙනෙකු රෝහල්ගතව

Read More »

ඔන්ලයින් සූදු ක්‍රීඩා කරන්න $ මිලියනයක් සොරාගත් ක්වීන්ස්ලන්ඩ් සේවිකාවකට සිර දඩුවම්

මුදල් ඔට්ටු ජංගම දුරකථන ඇප්ලිකේෂනයක ක්‍රීඩා කිරීම සඳහා සිය සේවායෝජකයාගෙන් ඩොලර් මිලියනයකට වැඩි මුදලක් සොරාගත් ක්වීන්ස්ලන්ඩ් කාන්තාවකට වසර 06 ක සිර දඩුවමක් නියම වී තිබෙනවා. පසුගිය වසරේදී ඇය විසින් සිදුකර තිබූ නීති විරෝධී ගණුදෙනු සංඛ්‍යාව 202 ක්. 2018 වසරේ සිට මෙම තැනැත්තිය විවිධ ඔන්ලයින් සූදු ක්‍රීඩා සඳහා ඇබ්බැහි වි සිට ඇති බවද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා. ඇය මෙහිදී කිසිදු ආදායමක් උපයා නොමැති අතර මුදල් වියදම් කිරීම පමණක් සිදුකර ඇති බව සඳහන්. විවිධ සූදූ ක්‍රීඩා සඳහා

Read More »

Bitcoin ආයෝජනයකින් Elon Musk ට ලොකු පාඩුවක්

ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන බිට්කොයින් හි ආයෝජනය කිරීම හමුවේ සුප්‍රකට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් ට අමෙරිකානු ඩොලර් මිලියන 101 ක පමණ පාඩුවක් සිදුවී තිබෙනවා. කෙසේවෙතත් පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔවුන්ගේ වත්කම් ඩොලර් මිලියන 128 කින් ඉහළ ගොස් තිබුණේද බිට්කොයින් හි ආයෝජනය හේතුවෙනුයි. ආයෝජන වාර්තා අනුව ටෙස්ලා සමාගම සතු බිට්කොයින් වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 02 කට ආසන්නයි. මෙම වසර ආරම්භයේ සිටම බිට්කොයින් වටිනාකම ක්‍රම ක්‍රමයෙන් අඩුවු අතර එහි පහළයාම සටහන් වන්නේ සියයට 07 ක් ලෙසයි.

Read More »