වසර 10 කට පසු නිවු සවුත් වේල්ස් පුරා හෙද වර්ජනයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 10 කට පසු නිවු සවුත් වේල්ස් පුරා හෙද වර්ජනයක්

වසර 10 කට පසු නිවු සවුත් වේල්ස් පුරා හෙද වර්ජනයක්

වසර 10 කට පසු පළමු වරට සමස්ත ප්‍රාන්තය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නිවු සවුත් වේල්ස් හෙදියන් තීරණය කර තිබෙනවා.

සේවක හිගය – වැටුප් විෂමතා සහ සේවා ස්ථාන පහසුකම් පදනම් කරගනිමිනුයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

ලබන සතියේ අගහරුවාදා දිනයේදී මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පසුගිය වසර 02 පුරා දිගින් දිගටම කල ඉල්ලීම් ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විසින් නොසළකා හැර ඇති බවටද ඔවුන් චෝදනා කරනවා.

පළමුවෙන් එක්දින සංකේත වර්ජනයක් පවත්වා ඊට ලැබෙන ප්‍රතිචාර අනුව අඛණ්ඩ වරර්ජනයකට යාමටයි නිවු සවුත් වේල්ස් හෙද සංගම් තීරණය කර ඇත්තේ.

https://www.9news.com.au/national/nsw-coronavirus-nurses-vote-to-strike-for-first-time-in-a-decade/c09228ea-010b-48c2-bdd1-85a92a27b8c4

COMMENTS