ඔන්ලයින් සූදු ක්‍රීඩා කරන්න $ මිලියනයක් සොරාගත් ක්වීන්ස්ලන්ඩ් සේවිකාවකට සිර දඩුවම් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔන්ලයින් සූදු ක්‍රීඩා කරන්න $ මිලියනයක් සොරාගත් ක්වීන්ස්ලන්ඩ් සේවිකාවකට සිර දඩුවම්

ඔන්ලයින් සූදු ක්‍රීඩා කරන්න $ මිලියනයක් සොරාගත් ක්වීන්ස්ලන්ඩ් සේවිකාවකට සිර දඩුවම්

මුදල් ඔට්ටු ජංගම දුරකථන ඇප්ලිකේෂනයක ක්‍රීඩා කිරීම සඳහා සිය සේවායෝජකයාගෙන් ඩොලර් මිලියනයකට වැඩි මුදලක් සොරාගත් ක්වීන්ස්ලන්ඩ් කාන්තාවකට වසර 06 ක සිර දඩුවමක් නියම වී තිබෙනවා.

පසුගිය වසරේදී ඇය විසින් සිදුකර තිබූ නීති විරෝධී ගණුදෙනු සංඛ්‍යාව 202 ක්.

2018 වසරේ සිට මෙම තැනැත්තිය විවිධ ඔන්ලයින් සූදු ක්‍රීඩා සඳහා ඇබ්බැහි වි සිට ඇති බවද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

ඇය මෙහිදී කිසිදු ආදායමක් උපයා නොමැති අතර මුදල් වියදම් කිරීම පමණක් සිදුකර ඇති බව සඳහන්.

විවිධ සූදූ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම මානසික රෝගයක් ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇත්තේ.

https://www.abc.net.au/news/2022-02-08/mackay-woman-jailed-over-1-million-dollar-gambling-fraud/100804306

COMMENTS