Day: February 4, 2022

වික්ටෝරියා අත්‍යවශ්‍ය නොවන සැත්කම්වලින් කොටසක් ලබන සඳුදා සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය නොවන සැත්කම්වලින් කොටසක් ලබන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී පැවසුවේ තවත් ඩොලර් බිලියන 1.4 ක අමතර මුදලක් ප්‍රාන්ත සෞඛ්‍ය පද්ධතියට ලබාදීමට තීරණය කල බවයි. මේ අනුව ලබන 07 වනදා සිට සියයට 50 ක ධාරිතාවයක් යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික රෝහල්වල ද අත්‍යවශ්‍ය නොවන සැත්කම් යළිත් ආරම්භ කල හැකියි. තවත් සතියකින් එම ධාරිතාවයද ඉහළ නැංවීම සැළසුම බව ඔහු ප්‍රකාශ කලා. මෙම ඩොලර් බිලියන 1.4 න් මිලියන

Read More »

74 වන නිදහස් දිනය වෙනුවෙන් උත්සවයක් මෙල්බන් කොන්සල් කාර්යාලයේදී

ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් වන උත්සවයක් මෙල්බන් නුවර කොන්සල් කාර්යාලයේදී අද පැවැත්වුණා. ඒ කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර සංගමය විසින්ද නිදහස් දිනය වෙනුවෙන් සුභ පැතුම් පිරිනමා තිබෙනවා. දෙරට අතර වෙළඳ – ආයෝජන ඇතුලු ක්ෂේත්‍ර රැසක දීර්ඝ සබඳතාවය එමගින් සිහිපත් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිවි සිටින බවයි වික්ටෝරියා පාර්ලිමේන්තු මිත්‍ර සංගමය පෙන්වා දෙන්නේ. ප්‍රාන්තයේ ආර්ථිකය නගා සිටුවීමට ඔවුන්ගෙන් ලැබෙන කැපවීම

Read More »

PHOTOS : නිදහස වෙනුවෙන් මෙල්බන් නුවර සිංහ කොඩි

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් මෙල්බන් නගරයේ සිංහ කොඩි ප්‍රදර්ශනය කර ඇති ආකාරයක් අද දක්නට ලැබෙනවා. මෙය සංවිධාන කර තිබුණේ මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසිනුයි.

Read More »

එන්නත්කරණයට විරෝධය පළකර කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවක්

කැන්බරා නගරයේ පිහිටා ඇති පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී විරෝධතාවක් ආරම්භ වී තිබෙනවා. ඒ එන්නත්කරණයට විරෝධය පළකරමිනුයි. ACT ප්‍රාන්ත පොලිසිය විරෝධතාකරුවන්ට දන්වා ඇත්තේ වහා එම ස්ථානයෙන් ඉවත්වන ලෙසයි. නොඑසේනම් අත්අඩංගුවට ගන්නා බවටත් වාහන ඇතුලු දේපළ සිය භාරයට ගන්නා බවටත් පොලිසිය අනතුරු අගවා තිබෙනවා. පෙරේදා දිනයේදී පොලිසිය මෙම විරෝධතාකරුවන්ට දන්වා තිබුණේ පවතින කොවිඩ් මර්දන රෙගුලාසි යටතේ මෙලෙස විරෝධතා පැවැත්විය නොහැකි බවයි.

Read More »

මෙවර ඔස්ටේ්‍රලියා මැතිවරණයේ ජයග්‍රාහකයා තේරීම Tik-Tok වලින් ??

ෆෙඩරල් මැතිවරණයට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ඡන්දය ජයගැනීම සඳහා ඔස්ටේ්‍රලියානු දේශපාලනඥයන් මෙවර සමාජ මාධ්‍ය මෙහෙයුම් නවතම මුහුණුවරකින් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරවලදී ෆේස්බුක් වැනි සමාජ ජාල කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ ඔවුන් මෙවර නැඹුරු වී ඇත්තේ ටික් ටොක් සමාජ ජාලය කෙරෙහි බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ. කෙසේවෙතත් ටික් ටොක් රෙගුලාසි අනුව සෘජුවම දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදුකල නොහැකි බැවින් ඔස්ටේ්‍රලියානු දේශපාලනඥයන් වක්‍රාකාරයෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරයක් දැකගත හැකි වනවා. විශේෂයෙන් එළඹෙන මැතිවරණයේදී තරුණ ඡන්ද අතිශය වැදගත්වීමත්

Read More »