වික්ටෝරියා අත්‍යවශ්‍ය නොවන සැත්කම්වලින් කොටසක් ලබන සඳුදා සිට – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා අත්‍යවශ්‍ය නොවන සැත්කම්වලින් කොටසක් ලබන සඳුදා සිට

වික්ටෝරියා අත්‍යවශ්‍ය නොවන සැත්කම්වලින් කොටසක් ලබන සඳුදා සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය නොවන සැත්කම්වලින් කොටසක් ලබන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී පැවසුවේ තවත් ඩොලර් බිලියන 1.4 ක අමතර මුදලක් ප්‍රාන්ත සෞඛ්‍ය පද්ධතියට ලබාදීමට තීරණය කල බවයි.

මේ අනුව ලබන 07 වනදා සිට සියයට 50 ක ධාරිතාවයක් යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික රෝහල්වල ද අත්‍යවශ්‍ය නොවන සැත්කම් යළිත් ආරම්භ කල හැකියි.

තවත් සතියකින් එම ධාරිතාවයද ඉහළ නැංවීම සැළසුම බව ඔහු ප්‍රකාශ කලා.

මෙම ඩොලර් බිලියන 1.4 න් මිලියන 938 ක් ම වෙන් කර ඇත්තේ පොදු රෝහල් සඳහායි.

තවත් මිලියන 225 ක් හදිසි සේවා දෙපාර්තමේන්තු සඳහාද ඩොලර් මිලියන 191 ක් සෞඛ්‍යාරක්ෂිත ඇගලුම් මිළදී ගැනීමටත් වෙන් කර තිබෙනවා.

https://www.9news.com.au/national/coronavirus-victoria-updates-new-case-numbers-deaths-surgery-hoped-to-return/632f94ce-8c23-4465-9c94-a33ca348481f

COMMENTS